මොකක්ද මේ නවසඳ බලනවා කියන්නේ? අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම දකින චන්ද්‍රයා, අපි ඒක බලන්නෙත් සුබ නැකතකට අනුවයි. සිංහල අලුත් අවුරුද්දත් සමග සඳට තියෙන්නේ ඉතා ලොකු බැඳීමක්. සෑම නැකත්ම වාගේ මේ සඳ බලපානවා. අවුරුදු කාලයේ වර්ෂාව ලැබෙන එකටත් මේ සඳේ බලපෑම තියෙනවා. පුරහඳ දවසට වැස්ස වහින එක අනිවාර්යෙන්ම සිදුවන කරුණක් බව ඒ කාලයේ ඉඳන්ම තිබුණු මතයක් බව අප සැවොම දන්නා කරුණක්. අලුත් අවුරුද්දේ අලුත් සඳක් බලලා ඉදිරි වැඩ කටයුතු පටන් ගත්තම ඒ මුළු අවුරුද්දම සුබ වෙන බව ලොකු විශ්වාසයක් අපේ මිනිසුන්ට තිබෙනවා. මේ චාරිත්‍රය අපේ දෙමළ මිනිසුන්ටත් තියෙනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ මේ චාරිත්‍ර ගොඩක්ම අපිට ලං වෙන්නේ හින්දු ආගමත් සමගය. ඉතින් සැවොම මේ අවුරුද්දේ නව සඳ බලලා ජිවිතයේ කිසිම රෝගයක් කරදරයක් නැතිව ජිවිතයට සෞභාග්‍ය උදාවෙන්න කියල ප්‍රර්ථනා කරන්න.