අපි අවුරුදු නිවාඩුව පටන් ගත්තම, අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර කරලා රසම රස කැවිලි පෙවිලිත් ආහාරයට අරන්, ඊළඟට අපි ලක ලැහැස්ති වෙන්නේ රැකියාවට යන්න, ඒකට අපිට හමබවෙනවා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත. මේ නැකත පිළිබඳව මිනිසුන් වැඩි අවදානයක් යොදවන්නේ නැති බවක් අපට වැටහෙන්නේ වර්තමානයේ ඇති වී තිබෙන කාර්ය බහුල ජීවිතයත් සමගයි. මොකක්ද මේ රැකී රක්ෂා සඳහා පිටත් ව යාමේ නැකත කියන්නේ? මෙහිදී අපිට යම්කිසි දවසක යම් වෙලාවක් , දිශාවක් දීල තියෙනවා අපේ අවුරුදු නිවාඩුවෙන් පසුව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට. ඈත අතීතයේ ඉඳලාම මෙවැනි නැකතකට අපගේ මිනිසුන් හුරු පුරුදු වී සිටියා. ඈත සමාජයේ මතයක් තිබුනා මේ නැකතේ විදියට කරොත් මුළු අවුරුද්දම ඉතා සුබ ලෙස ගත වෙනවා කියලා. සුබ කටයුතුවලට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප නැකත් බලා කටයුතු කරන්නාක් මෙන් මෙවර රැකි රක්ෂා සදහා පිටත්ව යාමේදී නැකත අකුරටම ඉටු කරමු.