"සූර්ය මංගල්‍ය" සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය ආරම්භ වන්නේ සූර්යා මුල් කරගෙනය. සූර්යා රාශි 12ක් වටා ගමන් කිරීම, ඒ කියන්නේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ගමන් කරන මාර්ගය තමයි අවුරුද්ද ලෙස අපට හැඳින්විය හැක්කේ. මෙහිදී නැවත මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා ගමන් කරන කාලය ඇතුලත කිසිම නැකතක් නැත. ඒකට තමයි අපි නොනගතය නැතිනම් පුණ්‍ය කාලය කියන්නේ. මෙහි කොටස් 2ක් තියෙනවා. පෙර කොටස හා අපර කොටස ලෙස පුණ්‍ය කාලයේ පෙර කොටස කිසඳු නැකතක් නැත, එම කාලය තුල කිසිඳු ක්‍රියාවක් කිරීමට සුදුසු නැත. ආහාර අනුභව කිරීම, ක්‍රීඩා කිරීම, ව්‍යාපාර කිරීම වැනි කටයුතු කිසිවක් මෙම කාලය ඇතුලත සිදු කිරීමට සුදුසු නැත. පැරැන්නන්ගේ විශ්වාසයක් තිබුනා මෙම කාලය ඇතුලත පුණ්‍ය වැඩ කටයුතු සිදු කිරීම මගින් සෞභාග්‍ය උදාවෙන බව. අපර කාලයේදී තමයි අනෙකුත් සියලු වැඩ පටන් ගන්නේ. ලිප ගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය වැනි කටයුතු සියල්ලම සිදු වේ. ආහාර අනුභවය පටන් ගන්න කලින් ගෙදර සිටින ස්වාමියා නැතිනම් ගෘහමූලිකයා විසින් කිරිබතක් සමග කැවිල්ලක් අරගෙන ගෙදර සිටින සියලුම දෙනාට කටක් බැගින් කැවීමට පුරුදු වී සිටියා. ඈත අතීතයේ සිට මේ චාරිත්‍ර පැවතීගෙන එන්න, තවමත් ඒවා රඳා පවතින්නේ ඇයි? මෙම චාරිත්‍ර වාරිත්‍ර වල නොසැඟවුණු සත්‍යයක්, අරුතක් තිබෙන බවට හොඳම සාක්ෂිය ඒ කාලයේ මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වාසයන්ය. වර්තමාන කාලයේදී ද එවැනි මිනිසුන් ඕනෑ තරම් හොයාගත හැක.