සිංහල අලුත් අවුරුද්දත් ජ්‍යෝතිෂ්‍යත් අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවයකි. අතීතයේ මේ නැකත් පත්‍ර, මේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර, සියළුම නැකත් සැදීමට ජ්‍යෝතිෂ්‍ය මුල් වෙලා තියෙනවා. සිංහල අලුත් අවුරුද්දේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ සිට රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත දක්වාම, මේ ජ්‍යෝතිෂ්‍ය කරුණු බලපාලා තියෙන බව අතීතයේ සිටම අපට දැක ගත හැකි කරුණකි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර හා නැකත් ගොඩක්ම යෙදෙන්නේ සූර්යා, සඳ ඇතුළු නවග්‍රහයන් මුල් කරගෙනය. ඉතින් ජ්‍යෝතිෂ්‍යයෙන් තොරව අපිට අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සාදා ගැනීමට වෙන්නේ නෑ. වර්තමානයේ අප ගෙවන මේ කාර්ය බහුල ජීවිතය නිසාවෙන් මෙම චාරිත්‍ර වාරිත්‍ර නැකත් අපට මග හැරුණත් අතීතයේ ජිවත් වූ මිනිසුන් මේවා අකුරටම පිළිපැදලා තියෙන බව අපට වැටෙහෙනවා. ඊට ආසන්නතම සාක්ෂිය වශයෙන් අදටත් මේ අවුරුදු චාරිත්‍ර ඉටු කරන අපේ මිනිසුන් සොයා ගත හැකි වීමයි. ඉර, සඳ එකතුව අපිට කෙතරම් වැදගත් ද යන්න නොසැඟවුණු කරුණක්. අතීතයේදී මිනිසුන් වෙලාවට කලාවට සිදු කරපු නැකත්, නවග්‍රහා අපල දුරු කිරීමට සිදු කරපු ක්‍රියා හේතුවෙන් ඔවුන් ඉතා හොඳ ජිවිතයක් ගත කර බව අපි විස්වාස කර යුතු කරුණක්. ඉතින් මේ සිංහල අලුත් අවුරුදු කාලයේ එදා සිට අද දක්වා ජ්‍යෝතිෂ්‍යත් සමඟ බැඳුනු මේ අවුරුදු චාරිත්‍ර අපට පුළුවන් සේ ඉටු කර සතුට සාමය පිරි සෞභාග්‍යමත් ජිවිතයක් ගත කරමු.