සතුට, නිරෝගී සුවය හා සෞභාග්ය මේ හැමදේම මුසුවුණු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ රටේ සෑම පුද්ගලයෙකුටම වාගේ ඉතා වැදගත්. විවිධ අවුරුදු කැවිලි පෙවිලි. ජන ක්‍රීඩා වලින් පිරිපුන් අවුරුදු ක්‍රීඩා හා කාලාන්තරයක් තිස්සේ පැවතෙන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද ඇතුලත් මේ අවරුදු කාලය අපි ඉතාමත් ආසා කරන කාලයක්. ඉතින් මේ අවුරුදු උදාවේ අපි සිදු කරන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතරින් හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය අපිට මතක ඇති කාලයේ ඉඳන්ම සිදු කරන අවුරුදු චාරිත්‍රයක්. ගමේ පන්සලේ හාමුදුරුවන්, ගමේ වැඩිහිටි දැනමුතු කම් ඇති පුද්ගලයන් හා අපේ අත්තම්මලා ගාවට අපි මේ චාරිත්රය උදාවෙන මෝහතේදී යනවා. ඒ අවස්ථාවේදී ඔවුන් කරන දේ වැටහෙන්න අපිට ටික කාලයක් ගියා. හැබැයි අපි පුංචි කාලයේ ඉඳන්ම අපිට ලොකු මතකයක් තිබුනා එයාලා අපේ ඔලුවේ තෙල් ගාද්දී ලස්සන වචන කීපයක් කියුවා. කළු කපුටා සුදු වන තුරු, මෝල් ගහෙන් දළු ලන තුරු 120ට 220ක් අවඩා ආයුබෝ වේවා! මතකද? ඔයාලා දන්නවද මේකේ තේරුම මොකක්ද කියලා. අතීතයේ ගැමි විස්වාසයක් තිබුන කෙනෙකු වසර 120ක් හෝ ඊට අසන්න කාලයක් ජිවත් වන බව. ඒ වගේම කවදාවත් වෙන්නේ නැති දෙයක් තමයි කළු කපුටා සුදු වන එක හා මෝල් ගහේ දළුලන බව. ඉතින් මේ කියමන් 2කේ එකතුව තමයි තවත් පුදගලයෙකුගේ ආයු කාලය වසර 120ක්, නොව තවත් වසර 100ක් එකතු වී චිරාත් කාලයක් නිදුක් නිරෝගීව කල් ගත කරන එක.