මොහොතකට හිතලා බලන්න අපේ ජන ක්‍රීඩා කිහිපයක් දිහා. කොට්ට පොර, පොර පොල්, ගුස්ති, චක්කුඩු, අංගම් සහ ඉලංගම්. බැලූ බැල්මට බොහොමයක් ජන ක්‍රීඩා සටන්කාමී එහෙමත් නැත්නම් යුධමය ක්‍රීඩා ස්වරූපයක් ගන්න බව ඔබට මීට කලින් හිතෙන්න නැතුව ඇති. කතා ප්‍රස්තුතය මෙහෙමයි. සියවස් ගණනාවකට පෙර අපේ රටේ සිරිතක් එහෙමත් නැත්නම් පුරුද්දක් තිබිලා තියෙනවා, හැම ගමකින් ම වගේ දෙදෙනෙක් රාජකීය හමුදාවට ඒ කියන්නේ රජතුමාගේ රාජකීය යුධ සේනාවට එකතු වෙනවා කියලා. විශේෂයෙන්ම අවුරුද්දක් පුරාවට මෙහිදී සිද්ධවෙන්නෙ යුධ කටයුතු, විවිධ සටන් ක්රම, ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන නොයෙක් උපක්රම පිළිබඳව මනා පුහුණුවක් ලබාදෙන එකයි. වැදගත්ම දේ තමයි මෙහිදී හැම ගමකින් ම වගේ තෝරාගන්නේ ශක්තිවන්තයන් දෙදෙනෙක්. ඉතින් මොවුන් දෙදෙනා නොයෙක් ශිල්ප ක්රම ඉගෙන ගැනීමෙන් අනතුරුව පෙරළා ගමට පැමිණෙන්නේ මේ නව අවුරුදු අප්රේල් මාසය සමීපවීමත් සමගයි. මේ විදියට කාලයත් සමග, ගමක මෙවැනි යුධ අභ්යාස පුහුණුව ලැබූ අය එකතු වීම තුළ, අවුරුදු සමයෙහි දී මොවුන් තම හැකියාවන් උරගා බලන්න සුහද ක්රීඩාවල නියැලුණා. මොවුන් අතර තිබූ සටන්කාමී බව නිසාම මෙහි දී කෙරුණු ක්රීඩාවන් බොහොමයක් මං අර මුලදී කිව්වා වගේ යුධ ශිල්පීය ආරක්, නැත්නම් රටාවක් ගන්නවා. ඔබ බැලුවොත් මේ ප්රධාන ජන ක්රීඩා බොහොමයක් වගේ කොට්ටා පොර, පොර පොල්, චක්ගුඩු, අංගම් වගේ හුදෙක් ශක්තිවන්තයන් අරමුණු කරගෙන තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සරලවම අර තරුණයන්ගේ හැකියාවන් විනිශ්චය කරන එක. කොහොම නමුත් දහනවවන සියවස මුල භාගය වගේ වෙනකොට විදේශ ආධිපත්යයන්ගේ බලපෑමත් එක්ක මේ වාර්ෂිකව සිද්ධ වෙන යුධ පුහුණු තහනම් කෙරුණා. යුධ පුහුණුව එලෙස නිම වුනත් එතනින් සංස්කෘතියට දායාද වෙච්ච ජන ක්රීඩා මෙලෙසින් සමාජගත වුණා. ඉතින් ඔන්න ඔහොමයි අවුරුදු ජන ක්රීඩා, ශිල්පීය සටන්කාමී ආභාෂයක් නැත්නම් ස්වරූපයක් ගන්නේ.