කොහොමද මේ නැකැත් හැදුනේ, නිර්මාණය උනේ? ඈත අතීතයේ සිට අපේ සංස්කෘතිය මුල් වුනේ ගම හා බැඳුනු අපූරු කටයුතු වලින්. විවිධ චාරිත්‍ර, විවිධ උත්සව හා විවිධ නැකැත් මෙයට ඇතුලත්. සිංහල අලුත් අවුරුද්දේ නැකැත් නිම වූයේ ද මේ ආකාරයෙන්. ඉස්සර ගමේ හිටියා පංච මහා මණ්ඩලයක් - ගමරාළ, ගොවිරාළ, නැකත්රාළ, දැනමුතු රාළ සහ වෙද රාළ යන පස්දෙනා. මෙන්න මේ පස් දෙනාගෙන් යුත් කමිටුව සාදන ලද සිංහල අවුරුදු නැකැත් පත්රය අඬබෙරකරුවෙකු හරහා ගමේ අස්සක් මුල්ලක් නෑරම රැගෙන යාම සිදුවුණා. මේ කටයුත්ත සඳහා ගමේ විහාරයේ හාමුදුරුවන්ගේ ද උදව් ලැබුණා. ඉතින් මේ ආකාරයෙන් ආරම්භ වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් පත්රය අද දවසේ අපිට හමුවෙන ලිත දක්වාම වර්ධනය වී තිබෙනවා.