අපිට වර්ෂාව ලැබෙන විදිය අනුව වැසි ලැබෙන කාල 2ක් තියෙනවා. යල කන්නය හා මහ කන්නය ලෙස අපිට එය හඳුන්වන්න පුළුවන්. මහ කන්නය ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා හා යල කන්නය මාර්තු සිට සැප්තැම්බර් විදියට දක්වන්න පුළුවන්. යල මහ කන්න දෙකේම වගා කරන අපේ රටේ ගොවි මහතුන්ගේ සරුසාර කාලයේදී ම තමයි සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය උදාවෙන්නේ. කෙත්වතු සරුසාර වී, වර්ෂාව ඉතා හොඳින් පැවැත්වෙන කාලයක් තමයි පෙබරවාරි මාසය උදාවෙනවාත් සමග ම ඇතිවන්නේ. රන්වන් කරලින් බර වූ ගොයම් කපා ගැනීමෙන් පසු, ගොයම් පෑගීම ආරම්භ කිරීම සිදුවන්නේ මෙම කාලයේදී යි. ඒ කියන්නේ අවුරුදු මාසය ලං වෙනවාත් සමගම යි. උදාවෙන අප්රේල් 14 වෙනිදා සිංහලයාගේ නිෂ්පාදිත වර්ෂය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ, යල කන්නය - මහ කන්නය දෙකේ එකතුව විසින් තමයි මේ අවුරුද්ද හැදෙන්නේ. යල හා මහ කන්නය හැදෙන්නේ වැස්ස කාලය සහ වියළි කාලය මූලික කරගෙන යි. ඉතින් මේ ක්‍රියාවලීන් දෙක මුලික කරගෙන, සම්පූර්ණ නිෂ්පාදිත වර්ෂය ලෙස අප්රේල් 14 වෙනිදා උදා වන්නේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යි.